හැඳින්වීම
උපදේශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව, සති අන්ත අධ්‍යයන පාඨමාලාවක් වශයෙන් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු අංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ඩිප්ලෝමා පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුකූල වන පරිදි කොළඹ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සැලසුම්කොට පවත්වාගෙන යයි.
ඉලක්කය
දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු වෘත්තීය උපදේශකවරුන් බිහිකිරීම.
අරමුණු
- උපදේශන ක්ෂේත්රය සඳහා ගුණාත්මක බවින් හෙබි වෘත්තිකයන් බිහිකිරීම.
- උපදේශන වෘත්තිකයන්ගේ උසස් වෘත්තීය කුසලතා පුළුල් කිරීම.
- උපදේශන වෘත්තිකයාගේ මැදිහත්වීමේ හැකියාව වර්ධනය කිරීම.
මාධ්‍යය - සිංහල/දෙමළ/ඉංග්‍රීසි
කාල සීමාව - මාස 21කි. මේතුළ මාස 03ක උපදේශන පුහුණුව අන්තර්ගත වේ. (සති අන්ත පාඨමාලාවකි)
ඇතුලත්වීමේ සුදුසුකම්
මෙම පාඨමාලාවට ඇතුලත්වීම සඳහා අවම වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම මගින් නිර්දේශිත විශ්වවිද්‍යාලයකට ඇතුලත්වීමේ අවම සුදුසුකම සපුරා තිබිය යුතුය.
1. උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක සියලු විෂයයන් සාර්ථක ලෙස සම්පූර්ණ කරන ලද අයෙකුවීම.
හෝ
2. ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් පිළිගනු ලබන, උසස් අධ්‍යාපන ආයතනයකින් ලද උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට සමාන කළහැකි අධ්‍යයන පාඨමාලාවක් සම්පූර්ණකර තිබීම.
හෝ
3. මනෝවිද්‍යාව හෝ උපදේශනය විෂයයක් ලෙස ප්‍රථම උපාධිය තුළ හදාරා තිබීම.
පාඨමාලා ව්‍යුහය
උපදේශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව පහත සංරචකයන්ගෙන් සමන්විත වේ.
- පාඨමාලා ඒකක 09
- එක් ක්ෂේත්‍ර පුහුණුවක්
සම්පූර්ණ ක්‍රෙඩිට් 32 කි.
දේශන - පැය 405
ක්ෂේත්‍ර පුහුණුව - පැය 150
විෂයය, විෂයය කේත සහ විෂයයන් සඳහා හිමිවන ලකුණු පහත පරිදිවේ.
විෂයය කේතය | විෂයය | ක්‍රෙඩිට් ප්‍රමාණය | ගිවිසුම්ගත පැය ගණන | ස්වයං අධ්‍යයන පැය ගණන | සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන |
HDipC 211 | සාමාන්‍ය මනෝවිද්‍යාව පිළිබඳ හැඳින්වීම | 4 | 60 | 140 | 200 |
HDipC 212 | උපදේශනය: දැනුම, විශේෂිතාවය සහ එහි භාවිතය | 4 | 60 | 140 | 200 |
HDipC 213 | උපදේශන න්‍යායන් සහ ක්‍රමශිල්ප | 4 | 60 | 140 | 200 |
HDipC 214 | කුසලතා, මැදිහත්වීම් සහ භාවිතය I | 4 | 60 | 140 | 200 |
HdipC 221 | කුසලතා, මැදිහත්වීම් සහ භාවිතය II | 6 | 90 | 210 | 300 |
HDipC 222 | උපදේශනය තුළ පර්යේෂණ | 4 | 60 | 140 | 200 |
HDipC 223 | මනෝසමාජීය මැදිහත්වීම පිළිබඳ හැදින්වීම | 2 | 30 | 70 | 100 |
HDipC 224 | ක්ෂේත්‍ර අධ්‍යයනය | 4 | 180 | - | 180 |
මුළු ලකුණු සහ පැය ගණන | 32 | 620 | 1580 |