හැඳින්වීම
උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු අංශය විසින් සති අන්ත අධ්‍යයන පාඨමාලාවක් වශයෙන් පිරිනමනු ලැබේ. මෙම පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුව (SLQF) අනුකූලවන පරිදි සකස්කර ඇත.
ඉලක්කය
දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු වෘත්තීය උපදේශකවරුන් බිහිකිරීම.
අරමුණු
- උපදේශන ක්ෂේත්රය සඳහා ගුණාත්මක බවින් හෙබි වෘත්තිකයන් බිහිකිරීම
- උපදේශන වෘත්තිකයන්ගේ උසස් වෘත්තීය කුසලතා පුළුල් කිරීම
- උපදේශන වෘත්තිකයාගේ මැදිහත්වීමේ හැකියාව වර්ධනය කිරීම
මාධ්‍යය
සිංහල/දෙමළ/ඉංග්රීසිකාල සීමාව
මාස 21කි. මේතුළ මාස 03ක උපදේශන පුහුණුව අන්තර්ගත වේ. (සති අන්ත පාඨමාලාවකි)පාඨමාලා ව්‍යුහය
උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පහත අංගයන්ගෙන් සමන්විත වේ.
- විෂය ඒකක 09
- එක් ක්ෂේත්‍ර පුහුණුවක්
- අධ්‍යයන චාරිකාවක්
සම්පූර්ණ ක්‍රෙඩිට් - 30
දේශන - පැය 405
ක්ෂේත්‍ර පුහුණුව - පැය 150
විෂයය, විෂයය කේත සහ විෂයයන් සඳහා හිමිවන ලකුණු පහත පරිදිවේ.
විෂයය කේතය | විෂයය | ක්‍රෙඩිට් ප්‍රමාණය | ගිවිසුම්ගත පැය ගණන | ස්වයං අධ්‍යයන පැය ගණන | සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන |
DipC 111 | මනෝවිද්‍යාව පිළිබඳ හැදින්වීම | 3 | 45 | 105 | 150 |
DipC 112 | උපදේශනය පිළිබඳ හැදින්වීම | 3 | 45 | 105 | 150 |
DipC 113 | මූලික පර්යේෂණ විධික්රම පිළිබඳ හැදින්වීම | 3 | 45 | 105 | 150 |
DipC 114 | උපදේශන කුසලතා පිළිබඳ හැදින්වීම | 3 | 45 | 105 | 150 |
DipC 115 | මනෝවිද්‍යාත්මක අක්‍රමතා | 3 | 45 | 105 | 150 |
DipC 121 | උපදේශනයේ වෘත්තීය ආචාර ධර්ම | 3 | 45 | 105 | 150 |
DipC 122 | උපදේශනාත්මක මැදිහත්වීම | 3 | 45 | 105 | 150 |
DipC 123 | ශ්‍රී ලාංකීය සංදර්භය තුළ උපදේශනය | 3 | 45 | 105 | 150 |
DipC 124 | විවිධ සේවාලාභී කණ්ඩායම් සමග උපදේශනය | 3 | 45 | 105 | 150 |
DipC 125 | ක්ෂේත්‍ර අධ්‍යයනය | 3 | 150 | - | 150 |
මුළු ක්‍රෙඩිට් සහ පැය ගණන | 30 | - | - | 1500 |