හැඳින්වීම
වෘද්ධ විද්‍යාව හා වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව නිර්මාණය කරන ලද්දේ වෘද්ධ විද්‍යාව හා වැඩිහිටි රැකවරණයට අදාල ක්ෂේත්‍ර තුළ තම වෘත්තීය සංවර්ධනය ඇති කර ගැනීමට අපේක්ෂිත පුද්ගලයින්, දැනටමත් මෙම ක්ෂේත්රය තුළ රැකියාවෙහි නියලෙන, තම වෘත්තීය මාවත පුළුල් කරගැනීමට අපේක්ෂිත පුද්ගලයින් පදනම් කරගෙනය. වයස්ගත වෙමින් පවතින සමාජය විසින් නිර්මාණය කරනු ලබන නව අවස්ථාවන්ට අනුරූපීයව අර්ථාන්විත වෘත්තීය වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පිරිනමනු ලැබේ. අන්තර් විෂයික පාඨමාලාවක් වශයෙන් මෙය සම්පූර්ණ කිරීමේදී, ශිෂ්‍යයින් විසින් දීර්ඝකාලීන හා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා ගැටලු විසදීම සහ කුසලතා ඇතිකිරීමට අවැසි අවශ්යතාවන්ගෙන් සන්නද්ධවීම අපේක්ෂිතය. වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්රය තුළ ශිෂ්‍යයින්, තනි පුද්ගල වෘත්තීය මාවත සංවර්ධනය කර ගැනීමට මෙය උපකාරී වේ.
වෘද්ධ විද්‍යාව හා වැඩිහිටිරැකවරණය පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහන ශ්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුකූල වන පරිදි (SLQF) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තත්ව පරීක්ෂණ ඒකකය (Quality Assurance Unit) පිළිබඳ අවධානය යොමු කරමින් අර්ධකාලීන වැඩසටහනක් වශයෙන්, ශ්‍රී ලංකාව මගින් පිරිනමනු ලබන ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සැකසීමේ අරමුණින් වර්ධනය කර ඇත.
ඉලක්කය
දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු වෘද්ධ විද්‍යාව/සමාජ රැකවරණය පිළිබඳ අදාළ වෘත්තිකයන් බිහිකිරීම.
අරමුණු
- රැකබලා ගන්නන්ගේ ක්ෂේත්‍රයතුල ගුණාත්මක බවින් පිරි වෘත්තිකයන් බිහිකිරීම
- වැඩිහිටියන් පිළිබඳ ක්ෂේත්රයේ නියැලෙන වෘත්තිකයන්ගේ වෘත්තීය කුසලතා පුළුල් කිරීම
- වෘත්තිකයන්ගේ මැදිහත්වීමේ හැකියාව වර්ධනය කිරීම
මාධ්‍යය - සිංහල/දෙමළ
කාල සීමාව - මාස 21, තෛමාසික සති අන්ත පුහුණුව මෙයට ඇතුළත් වේ.
පාඨමාලා ව්‍යුහය
පහත මූලිකාංගයන්ගෙන් වෘද්ධ විද්‍යාව සහ වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සමන්විත වේ.
- විෂය ඒකක 10
- ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් 01
සම්පූර්ණ ක්‍රෙඩිට් - 30
දේශන - පැය 405
ක්ෂේත්‍ර පුහුණුව - පැය 150
විෂයය, විෂයය කේත සහ විෂයයන් සඳහා හිමිවන ලකුණු පහත පරිදිවේ.
විෂයය කේතය | විෂයය | සම්මාන ඒකක ප්‍රමාණය | ගිවිසුම්ගත පැය ගණන | ස්වයං අධ්‍යයන පැය ගණන | සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන |
DG 101 | වෘද්ධ විද්‍යාව පිළිබඳ හැඳින්වීම | 2 | 30 | 70 | 100 |
DG 102 | සමාජ වෘද්ධ විද්‍යාව | 3 | 45 | 105 | 150 |
DG 103 | වයස්ගත වීමේ සමාජය සහ සංස්කෘතිය | 2 | 30 | 70 | 100 |
DG 104 | මූලික පර්යේෂණ විධික්රම | 3 | 45 | 105 | 150 |
DG 105 | වයස්ගතවීම සහ සමාජ වැඩ | 3 | 45 | 105 | 150 |
DG 106 | සෞඛ්‍යය සහ වයස්ගතවීම | 4 | 60 | 140 | 200 |
DG 107 | ආයුර්වේද සෞඛ්‍යය සහ වැඩිහිටි රැකවරණය | 2 | 30 | 70 | 100 |
DG 108 | මානසික සෞඛ්‍යය සහ උපදේශනය | 4 | 60 | 140 | 200 |
DG 109 | සමාජ ප්‍රතිපත්ති සුභසාධන වැඩ සටහන් සහ වියපත්වීම | 2 | 30 | 70 | 100 |
DG 110 | සිද්ධි කළමනාකරණය සහ වැඩිහිටි රැකවරණය | 2 | 30 | 70 | 100 |
DG 111 | ක්ෂේත්‍ර පුහුණුව | 3 | 150 | - | 150 |
මුළු ලකුණු සහ පැය ගණන | 30 | 540 | - |
1500 |