Introduction
මෙම පාඨමාලාව ආරම්භ කිරීමේ මූලික අරමුණ වන්නේ රටේ සංවර්ධනය සඳහා කාන්තා නායකත්වය උපයෝගී කරගැනීම සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා ලබාදීමයි. ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සදහා කාන්තා නියෝජනය සීමාසහිත බව මෑත කාලීන අධ්‍යයනවලින් පෙනී යයි. මෙම ප්‍රතිශතය ආසියාවේ ඕනෑම රටක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන විට අවම මට්ටමකි. මෙම තත්ත්වය මඟහරවාගනිමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී කාන්තා නායකත්වය දායක කරගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික දැනුම හා ප්‍රායෝගික කුසලතා ලබාදීම සඳහා මෙම පාඨමාලාව සැලසුම් කර ඇත. එමෙන්ම දේශපාලනයේ මෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශවල කාන්තාවන් යහපාලනයට සහභාගී වීමට අවස්ථාව සැලසේ.
ඒ අනුව පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කර ඇත්තේ පාඨමාලාවට සහභාගීවන්නන්ට නායකත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුවීම් මඟින් අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා ලබාදීමසඳහාය. ග්‍රාමීය මට්ටමේ සිටින කාන්තාවන් ගේ ද නායකත්වය ප්‍රවර්ධනය කරමින් ඔවුන්ගේ අත්දැකීම් හා දැනීම එම අංශවල කටයුතු සඳහා අනුගත කිරීම අපේක්ෂා කෙරේ.
Medium
සිංහල / දෙමළ
Duration
මාස 12 යි. සති අන්තයේCourse Fee
Admission Requirements
- අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත්ව තිබීම.
- අ.පො.ස. (සා/පෙළ) විභාගය සමග අදාල ක්ෂේත්රයේ වසර 3ක පළපුරුද්ද.
Course Structure
පාඨමාලාව සමාසික දෙකකින් යුක්තය. පාඨමාලාව පංති කාමර දේශන, ප්‍රායෝගික අභ්‍යාස, සාකච්ජා සහ ප්‍රායෝගික පුහුණුවීම්වලින් යුක්ත වේ.
පළමු මාස 06ක කාලයේ දී විෂයන් 04ක් සහ දෙවන සෙමෙස්තරයේ විෂයන් 04ක් ඉගැන්වෙන අතර මෙම සමාසික දෙක සඳහාම ක්ෂේත්‍ර පුහුණු වීම් දෙකක් ඇතුළත්ය. පාඨමාලාවේ පංති කාමර දේශන සදහා පැය 288ක් සහ ක්ෂේත්‍ර පුහුණුවීම් සඳහා පැය 200ක කාලයක් වෙන් කර ඇත.
(All Course units are compulsory in the 1st and 2nd semesters)
Subject code | Subject |
1st Semester |
|
DWE 101 | ශ්‍රී ලංකා සමාජයේ කාන්තාව |
DWE 102 | කාන්තාව සහ නීතිය |
DWE 103 | ශ්‍රී ලාංකික දේශපාලනය හා කාන්තාව |
DWE 104 | කාන්තාව හා පෞරුෂ සංවර්ධනය |
DWE 109 | ක්ෂේත්‍ර පුහුණුව I |
2nd Semester |
|
DWE 105 | බල කණ්ඩායම් සමග වැඩ කිරීම |
DWE 106 | කුසලතා සංවර්ධනය |
DWE 107 | කාන්තාව සහ නායකත්වය |
DWE 108 | කාන්තාව සවිබලකරණය |
DWE 110 | ක්ෂේත්‍ර පුහුණුව II |