හැඳින්වීම
සමාජ රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ අවධානය යොමුවන්නේ සමාජ රැකවරණය පිළිබඳ ක්ෂේත්රය පවර්ධනය කිරීම සඳහා ඊට අදාළ වෘත්තිකයන්ගේ සහ අතුරු වෘත්තිකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීම පිළිබඳවයි.
සමාජ රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා අර්ධකාලීන වැඩසටහනක් වශයෙන් සංවර්ධනය කරන ලද අතර, ශ්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුකූල වන පරිදි (SLQF) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තත්ව පරීක්ෂණ ඒකකය (Quality Assurance Unit) මගින් ශ්‍රී ලංකාවේ සුදුසුකම් රාමුවක් ලෙස සංවර්ධනය කර ඇත. මෙම පාඨමාලාව සංවර්ධනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව තුල ජාතික මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සුදුසුකමක් බවට පත් කිරීමේ අරමුණිනි.
ඉලක්කය
දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු සමාජ රැකවරණය පිළිබඳ වෘත්තිකයන් බිහිකිරීම.
අරමුණු
- සමාජ රැකවරණය පිළිබඳ ගුණාත්මක බවින් හෙබි වෘත්තිකයන්/අතුරු වෘත්තිකයන් බිහිකිරීම.
- සමාජ රැකබලා ගැනීමේ සේවා සපයන්නන්ගේ වෘත්තීය කුසලතා පුළුල්කිරීම.
- තිරසාර සංවර්ධනය සඳහා තනිපුද්ගල, පවුල්, කණ්ඩායම් සහ ප්‍රජාවන් හා සම්බන්ධ ගැටලු හා බැදුනු සමාජ සුභසාධනය හා සමාජ සංවර්ධනය පදනම්කරගත් ගැටළු සඳහා මැදිහත්වීමක් කිරීමට පහසුකම් සැපයීම සඳහා සමාජ රැකවරණ සේවා සපයන්නන්ගේ හැකියාව සංවර්ධනය කිරීම.
මාධ්‍යය
සිංහල/දෙමළ
කාලසීමාව
මාස 21කි, මේ සඳහා ත්‍රෛමාසික පුහුණුව අන්තර්ගතවේ. (සති අන්ත 02)
පාඨමාලා ව්‍යුහය
සම්පූර්ණ සම්මාන ඒකක (credit) 30කි
දේශන - පැය 405
ක්ෂේත්‍ර පුහුණුව - පැය 150
පහත මූලිකාංගයන්ගෙන් පාඨමාලාව සමන්විත වේ.
- විෂය ඒකක 10
- ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් 01
විෂයය කේතය | විෂයය | සම්මාන ඒකක ප්‍රමාණය | ගිවිසුම්ගත පැය ගණන | ස්වයං අධ්‍යයන පැය ගණන | සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන |
DSC 101 | සමාජ රැකවරණය පිළිබඳ හැඳින්වීම | 2 | 30 | 70 | 100 |
DSC 102 | ප්‍රජාව සංස්කෘතිය සහ පවුල | 1 | 15 | 35 | 50 |
DSC 103 | සෞඛයය යහ පැවැත්ම ආයුර්වේදයේ සෞඛ්‍යය රැකවරණය (පැය 21) මානසික සෞඛ්‍යය (පැය 24) | 3 | 45 | 105 | 150 |
DSC 104 | රැකවරණයට ලක්වන්නන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව | 3 | 45 | 105 | 150 |
DSC 105 | සමාජ සුබසාධන ප්රතිපත්තීන් සහ නීතිමය රාමුව | 3 | 45 | 105 | 150 |
DSC 106 | සිද්ධි කළමනාකරණය සහ නීතිමය රාමුව | 3 | 45 | 105 | 150 |
DSC 107 | ජීවන කුසලතා | 4 | 60 | 140 | 200 |
DSC 108 | මනෝවිද්‍යාත්මක උපදේශනය | 3 | 45 | 105 | 150 |
DSC 109 | සමාජ වැඩ මැදිහත්වීම | 2 | 30 | 105 | 150 |
DSC 110 | සමාජ රැකවරණය පිළිබඳ වෘත්තීය ආචාරධර්ම | 3 | 45 | 105 | 150 |
DSC 111 | ක්ෂේත්‍ර පුහුණුව | 3 | 150 | - | 150 |
මුළු ලකුණු සහ පැය ගණන | 30 | 555 | 1500 |