ඊ-සඟරාවේ තේමාව

“සමකාලීන සමාජ ගැටලු සඳහා සමාජ වැඩ මැදිහත්වීම්”

අත්පිටපත් ඉදිරිපත් කිරීම

දෘඩ පිටපත් තුනක් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ඊ-සඟරාවේ සංස්කාරක වෙත 2017 මැයි 31 දිනට හෝ ඊට පෙර තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාර දිය යුතු අතර මෘදු පිටපත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
යන විද්‍යුත් තැපැල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවිය යුතුය*(අත් පිටපත්වල රචකයාගේ නම හෝ ලිපිනය සටහන් නොකළ යුතුය).

අත්පිටපත් සකස් කිරීම

අදාළ ලිපිය A4 ප්‍රමාණයේ කඩදාසිවල එක් පැත්තක පමණක් යතුරු ලියනය (පද සැකසුම) කළ යුතු අතර ඉංග්‍රීසි භාෂාවෙන් නම් ටයිම්ස් නිව් රෝමන් (Times New Roman), සිංහලෙන් නම් එෆ් එම් අභය හා දෙමළ භාෂාවෙන් නම් බාමිණී යන අකුරු ද භාවිතා කළ යුතුය.

ලිපියෙහි සම්මති

  • පේළි අතර ඉඩ - ද්විත්ව ඉඩ
  • දෙපස තීරය - අඟල් 1 යි
  • අකුරු ප්‍රමාණය - මාතෘකාව (ප්‍රමාණය 14 තද පැහැය)
  • සාරාංශය (11 සාමාන්‍යl)
    සෑම අත් පිටපතක් සමගින් සාරාංශයක් ඉදිරිපත් කළ යුතුය. එය වචන 250ට වඩා අඩුවිය යුතු අතර සම්පූර්ණයෙන්ම ස්වයංපූර්ණ විය යුතුය. සාරාංශය අවසානයේ මූල පද පහක් සඳහන් කළ යුතුය.(අකුරු ප්‍රමාණය 11 ඇල අකුරු)
  • ලිපියේ ප්‍රධාන කොටස(අකුරු ප්‍රමාණය 12 - සාමාන්‍ය)
    ලිපියේ ප්‍රධාන කොටස ඡේද ශීර්ෂ හා අනු ශීර්ෂ යොදාගනිමින් ඡේදවලට වෙන් කළ යුතුය.
    • ප්‍රධාන ශීර්ෂය(අකුරු ප්‍රමාණය 12- තද පැහැති)
      වමට පෙළ ගැස්සවූ ශීර්ෂය, සියලු අකුර මහකුරු විය යුතු අතර ඉදිරියෙන් අරාබි ඉලක්කම් ද අවසානයේ නැවැතීමේ ලකුණ ද යෙදිය යුතුය.
      • පළමු අනු ශීර්ෂය(අකුරු ප්‍රමාණය 12- තද පැහැති)
        වමට පෙළ ගැස්සවූ ශීර්ෂය, පළමු අකුර මහකුරක් විය යුතුය. ඉදිරියෙන් අරාබි ඉලක්කම් ද අවසානයේ නැවැතීමේ ලකුණ ද යෙදිය යුතුය.
    • යොමු, රූප සටහන් සහ වගු
      වගු සහ රූප සටහන් අරාබි ඉලක්කම් යොදා අංක කළ යුතුය. (1,2,3 ආදී වශයෙන්). රූප සටහනක කොටස් ලේබල් කිරීම සඳහා (a), (b), (c) ලෙස අකුරු යොදන්න)
    • සමීකරණ අංකනය කිරීම
      සමීකරණයන්හි වරහන් තුළ අරාබි ඉලක්කම් යොදා (1), (2),(3) ලෙස අනුගාමීව අංක යොදන්න.
    • කෙටි යෙදුම්, ඒකක සහ සූත්‍ර
      සම්මත අංකන සහ සංකේත භාවිතා කරන්න
  • නිගමන
    පර්යේෂන කටයුත්තේ කෙටි සාරාංශය හැරුණු විට, සිදුකරනු ලැබූ අධ්‍යනයේ නිගමන හෝ අනුමිති සඳහන් කළ යුතුය.
  • පාද සටහන් (අකුරු ප්‍රමාණය 10- සාමාන්‍ය)
    පාද සටහන් නම් කිරීම සඳහා කුඩා අකුරු භාවිතා කරන්න. ප්‍රධාන කොටසේ අදාළ ස්ථානයේ උඩු අකුරක් යෙදීම මගින් පාද සටහන තබා ඇත්තේ කවරකට දැයි පෙන්නුම් කරන්න.
  • ආශ්‍රිත ලිපි/ග්‍රන්ථ .
    ආශ්‍රිත ග්‍රන්ථ තොරතුරු සඳහන් කිරීම සරල සහ හැකිතාක් දුරට කෙටි විය යුතු අතර වරහන් තුළ කතුවරයා/කතුවරයන්ගේ නම් සහ ප්‍රකාශයට පත්කළ වසර සඳහන් කළ යුතුය.
    උදා;i. රෙඩ්මන් සහ තවත් අය (2006) , et al., (2006)
    උදා; රෙඩ්මන් සහ කෝ(ර්)මැක් (2008) )

පර්යේෂණ පත්‍රිකා

සඟරාවේ ලිපි සඳහා ආශ්‍රිත ලිපි/ ග්‍රන්ථ සඳහන් කිරීමේදී තිබිය යුතු අංග වනුයේ:

කතෘවරයාගේ නම, මුල් අකුරු, වර්ෂය, අදාළ ලිපියේ වර්ෂය, සම්පූර්ණ මාතෘකාව, කාණ්ඩ අංකය, පිටු අංක

උදා: ඇඩම්, ඩී.ජේ., 2003 වත්මන් පාර්ශවකාර විශ්ලේෂණය, රෝයල් ජ’නල් ඔෆ් මැනේජ්මන්ට්, 42(7) පිටු 34-66

පොත්

ආශ්‍රිත ග්‍රන්ථ තොරතුරු සඳහා පොතේ කවරය නොව ග්‍රන්ථ නාම පිටුව භාවිතා කරන්න. ආශ්‍රිත පොතක් සඳහන් කිරීමේදී අවශ්‍ය අංග වනුයේ:

කතෘගේ නම, මුලකුරු/ පළමු නම, වර්ෂය, පොතේ නම, මුද්‍රණය (පළමු මුද්‍රණය නොවේනම් පමණක් මෙය ඇතුලත් කරන්න) ස්ථානය, ප්‍රකාශක

උදා: බැරොන්, ඩේවිඩ්. පී., 2008. ව්‍යාපාර සහ සංවිධානය 6වන මුද්‍රණය, චෙස්ටර් (සීටී): පියර්සන්

නිබන්ධනය

මේ සඳහා අවශ්‍ය අංග වනුයේ:

ලේඛක, ප්‍රකාශිත වර්ෂය, නිබන්ධනයේ මාතෘකාව, මට්ටම, විශ්වවිද්‍යාලයේ ස්ථානය (විශ්වවිද්‍යාලයේ නමෙන් ප්‍රකාශ නොවන්නේ නම්): විශ්වවිද්‍යාලයේ නම.

උදා: රිච්මන්ඩ්.ජේ., 2005. ඉලෙක්ට්‍රොනික බැංකුකරණ ‍ලෝකයේ පාරිභෝගික අපේක්ෂා: බ්‍රිතාන්‍ය බැංකුව පිළිබඳ සිද්ධි අධ්‍යයනයකි. දර්ශනපති. චෙම්ස්ෆර්ඩ්: ඇන්ග්ලියා රස්කින් විශ්වවිද්‍යාලය.

ඉලෙක්ට්‍රොනික ලේඛන:

ලෝක වෙඩ් අඩවි ජාලයේ ඇති වෙඩ් අඩවිවලින් උපුටාගත් යොමු සඳහා අවශ්‍ය අංග වනුයේ:කතෘත්වය හෝ මූලාශ්‍රය, වර්ෂය, වෙබ් ලේඛනයේ හෝ වෙඩ් පිටුවේ නම.

[මාධ්‍යය] ලබාගත හැක්කේ: වෙඩ් අඩවියේ ලිපිනය ඇතුල් කරන්න/ URL සහ මූලාශ්‍රයේ මුල් පිටුව වෙත ප්‍රවේශය හෝ මාර්ගගත කිරීම (පිවිසුම් දිනය)

උදා: ඔබ භාවිතා කරන කවර හෝ වෙබ් අඩවියක මුල් පිටුව තබා ගැනීම යෝග්‍ය වේ.

වැඩි විස්තර සඳහා විමර්ශනය කිරීම් මාර්ගෝපදේශ සඳහා පහත වෙබ් අඩිවියට පිවිසෙන්න : http://www.library.nhs.uk/guidelinesfinder>(Accessed10August2010)

කර්තෘ
සමාජ වැඩ පිළිබඳ විද්‍යුත් සඟරාව
සමාජ සංවර්ධන ප්‍රතිපත්ති, පර්යේෂණ හා ප්‍රකාශන අංශය
ජාතික සමාජ සංවර්ධන ආයතනය

+94 112 368 180
+94 112 368 180

Mrs. Shamini AttanayakaDirector General(Acting)/Additional Director GeneralNational Institute of Social Development

 

mr asmiyas

Mr. M.S.M. AsmiyasDirectorNational Institute of Social Development

 

 

Mr. S. Hariharathamotharan,EditorNational Institute of Social Development

Mrs.B.A. Niluka Wijebandara,EditorNational Institute of Social Development

View Message

Mr. A.H. Indika Sanjeewa,EditorNational Institute of Social Development

View Message

Mrs. K.C.K. de Thabrew,EditorNational Institute of Social Development