ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පැරණිතම හා විශාලතම අංශයයි. එමඟින් සමාජ වැඩ පිළිබඳ වෘත්තීය පාඨමාලා පවත්වනු ලබන අතර ශ්‍රී ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රයන්හි සේවයේ නියුතු වෘත්තීය සමාජ වැඩකරුවන් විශාල සංඛ්‍යාවක් බිහිකර ඇත.

වත්මනෙහි සමාජ සේවා විද්‍යාලය පහත දැක්වෙන අධ්‍යාපනික වැඩසටහන් පවත්වයි.

  • සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (දෑ අවුරුදු සති අන්ත ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවකි)
  • සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ( සිව් අවුරුදු ඉංග්‍රීසි මාධ්‍ය සතියේ දිනවල පැවැත්වෙන පාඨමාලාවකි)
  • සමාජ වැඩ පිළිබඳ උසස් ඩිප්ලෝමාව (දෑ අවුරුදු සතියේ දින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලාවකි)
  • සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමාව (සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් පැවැත්වෙන දෑ අවුරුදු පාඨමාලාවකි)
  • කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහන (එක් අවුරුදු සති දින සහ සති අන්ත සිංහල, සහ දෙමළ මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලාවකි)
  • සංඥා භාෂා පරිවර්ත ඩිප්ලෝමාව (එක් අවුරුදු සති අන්ත සිංහල මාධ්‍ය පාඨමාලාවකි)

සමාජ සේවා විද්‍යාලය ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පූර්වගාමියා වන අතර රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස එය 1952 වර්ෂයේදී සමාජ සේවා ආයතනය නමින් ස්ථාපිත කරන ලදී. 1964 දී එය රජයේ ආයතනයක් බවට පත් වීමෙන් පසුව ලංකා සමාජ සේවා විද්‍යාලය ලෙස නම් කරන ලදී. එය 1972 වසරේදී ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය ලෙස නම් කරන ලදී. සමාජ වැඩ පිළිබඳ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා පිරිනැමීම පිණිස, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත ස්ථාපිත කරනු ලැබූ ස්වාධීන ආයතනයක් වන ජාතික සමාජ සංවර්ධන ආයතනයේ විෂය පථය යටතට එය පත් කරන ලදී.

පුවත් සහ සිදුවීම්