පුහුණු අංශය 2014 වර්ෂයේදී ස්ථාපනය කරනු ලැබූ අතර, එය ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ආයතනික ව්‍යුහයේ ප්‍රධාන අංශයන් හතරෙන් එකක් ලෙස හැඳින්විය හැකිය. මෙම අංශය, පුහුණු කිරීමේ අධ්‍යක්‍ෂවරයෙකු යටතේ ක්‍රියාත්මක වේ. වර්තමානය වනවිට, එක් ජ්‍යෙෂ්ඨ පුහුණු කිරීමේ නිලධාරීනියක් හා දෙවන ශ්‍රේණියේ පුහුණු කිරීමේ නිලධාරීන්/නිලධාරිනියන් 09 දෙනෙකු මෙම අංශය තුළ සේවය කරනු ලැබේ.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් යොමුකරනු ලබන කාර්ය මණ්ඩල/සේවාලාභීන් සඳහා සංවර්ධනය පදනම් කරගත් තේමාවන් පිළිබඳ පුහුණුව ලබාදීම මෙම අංශය විසින් සිදුකරනු ලැබේ. එපමණක් නොව සංවර්ධනය හා සම්බන්ධ ක්‍ෂේත්‍රයන් හා බැඳුනු පුහුණු වැඩසටහන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සඳහාද මෙම අංශය මගින් සංවිධානය කරනු ලැබේ. මීට අමතරව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු අංශය වෙත බාහිර ආයතන මගින් පුහුණු වැඩසටහන් සඳහා බොහෝ ඉල්ලීම් ලැබේ. එබැවින් පුහුණු අංශය විසින් පුහුණු කිරීමේ වැඩසටහන් ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන හා ඒ ආශ්‍රිත පිටපළාත් කේන්ද්‍ර කරගනිමින් සේවාලාභීන් සඳහා සංවිධානය කරනු ලැබේ.

මෙම අංශයේ අරමුණු වනුයේ

  • විවිධාකාර සහ අදාල ක්‍ෂේත්‍රයන් සඳහා පුහුණුකිරීමේ අවශ්‍යතා හඳුනාගැනීම
  • රටෙහි පුහුණු කිරීමේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා මානව සම්පත් පුහුණු කිරීම
  • අවශ්‍යතා තක්සේරුකරණය හරහා දෙනලද පුහුණු කිරීමේ ආකාර හඳුනාගැනීම
  • සේවාලාභින්ගේ අවශ්‍යතාවයන් පදනම්කරගෙන පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා පරිචයෙහි යෙදවීම
  • පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවලට ගැලපෙන පරිදි විෂය නිර්දේශ සංවර්ධනය හා යාවත්කාලීන කිරීම

පුහුණු අංශය විසින් මේ දක්වා පවත්වනු ලැබූ පුහුණු වැඩසටහන්

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු කිරීමේ අංශය මගින් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවන් සහ ආයතනය තුළ සහ ආයතනයෙන් පරිබාහිර අනුග්‍රාහකත්වය දරන ලද පුහුණු කිරීමේ වැඩසටහන් සංවිධානය කරනු ලැබේ. එහිදී දීර්ඝකාලීන හා කෙටිකාලීන සහ අනෙක් වෘත්තීය පාඨමාලා සංවිධානය කෙරේ.

දිගුකාලීන පුහුණු

  • උපදේශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (මාස 21, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය)
  • උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (මාස 21, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය)
  • වෘද්ධ විද්‍යාව හා වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (මාස 21, සිංහල සහ දෙමළ මාධ්‍ය)
  • ළමා ආරක්‍ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (මාස 18, සිංහල සහ දෙමළ මාධ්‍ය)
  • සමාජ රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (මාස 21, සිංහල සහ දෙමළ මාධ්‍ය)
  • ප්‍රජාපාදක විශෝධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (මාස 21, සිංහල සහ දෙමළ මාධ්‍ය)
  • සමාජ වැඩ පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව (මාස 21, සිංහල හා දෙමළ මාධ්‍ය)
  • ළමා පාදක ප්‍රජා සංවර්ධනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (මාස 06, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය)
  • උපදේශනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (මාස 06, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය)

කෙටිකාලීන පුහුණු වැඩසටහන්

  • මූලික උපදේශනය
  • සමාජ වැඩ මැදිහත්වීම
  • ආතති කළමනාකරණය
  • ගැටුම් කළමනාකරණය සහ සාමය පිලිබඳ අධ්‍යාපනය
  • ළමා සංවර්ධනය, ළමා අපයෝජන සහ ළමා අපචාර
  • ව්‍යාපෘති යෝජනා පත්‍ර සැකසීම
  • ආපදා කළමනාකරණය
  • නිවස පදනම් කරගත් පූර්ව ළමාවිය සංවර්ධනය
  • නායකත්වය සහ සන්නිවේදන කුසලතා
  • සිද්ධි කලමනාකරණය

අතුරු වෘත්තීය පාඨමාලා

  • ප්‍රජාමූල සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ ධාරිතාව ගොඩනැංවීමේ පුහුණු වැඩසටහන්

පුවත් සහ සිදුවීම්