ජාතික සමාජ සංවර්ධන ආයතන පරිපාලන ව්‍යුහයේ අනුකලන කොටසක් වන්නා වූ සමාජ සංවර්ධන ප්‍රතිපත්ති, පර්යේෂණ සහ ප්‍රකාශන අංශය සමාජ වැඩ අධ්‍යාපනය සහ භාවිතය, සමාජ සුභ සාධනය, සමාජ සවිබලගැන්වීම් මෙන්ම සමාජ සංවර්ධනයේ සියලු අංශයන් ආශ්‍රිත පර්යේෂණ ව්‍යාපෘති සහ සමීක්ෂණ පවත්වන අතර එම කාර්යයන්හිදී සහයෝගිතාව දක්වයි.

එසේම නාගරික, ග්‍රාමීය සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සකස් කිරිම හා සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති කිහිපයක් ද මෙම අංශය සිදුකර තිබේ. තවද, පුවත් ලිපියක් සහ විමර්ශන සඟරාවක් ඇතුළුව ‍මෙම අංහය මගින් ප්‍රකාශන හයක් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට එම ප්‍රකාශන සඳහා ලිපි, පුර්ණ පත්‍රිකා සහ සාරාංශ ලිපි රචනා කරන ලෙස ඉල්ලිම් කරනු ලැබේ.

ඉලක්කය

වත්මන් සහ අනාගත භාවිතය සඳහා ක්ෂේත්‍රයට අදාළ නව දැනුම උත්පාදනය කරමින් සහ ප්‍රචාරණය කරමින් සමාජ වැඩ අධ්‍යයනය සහ භාවිතය, සමාජ සුභ සාධනය සහ සමාජ සංවර්ධනයේ විවිධ අංශයන් ආශ්‍රිත පර්යේෂණ කටයුතු සඳහා මුල පිරීම, ප්‍රවර්ධනය කිරීම, පැවැත්මීම සහ සහයෝගය දැක්වීම.

අරමුණු

  • පර්යේෂණ හරහා සමාජය, සමාජ ව්‍යුහය සහ සමාජ ගැටුම් පිළිබඳ දැනුම නිපැයුම සහ උත්පාදනය
  • සමාජයේ විවිධ අංශයන්හි සාධනීය සහ නිශේධනීය පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම
  • මාජ වැඩ ක්ෂේත්‍රයේ අධ්‍යාපනඥයන් සඳහා නව දැනුම සැපයීම

ප්‍රකාශන

  • වාර්ෂික පුවත් ලිපිය - 2011, 2012, 2014, 2015, 2016
  • සමාජ වැඩ පිළිබඳ ශ්‍රී ලංකා සඟරාව – 2011, 2015, 2016
  • වාර්ෂික පීඨ ප්‍රකාශනය – 2014
  • "සමාජ සංහිතා" - 2015, 2016
  • සමාජ සංවර්ධනය පිළිබද ශ්‍රී ලංකා වාර ප්‍රකාශනය – 2016
  • ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සහ සුභ සාධනය පිළිබඳ නිබන්ධනය- 2002 වසරේදී පළමුව ප්‍රකාශයට පත්කරන ලදී( ඩී.චන්ද්‍රරත්න විසින් සංස්කරණය කරන ලදී)
  • වැලිකඩ නොපැවසූ කථාව “සිරකරුවන්ගේ අමතකවූ පවුල්”- 2007
  • සාක්ෂි පාදක භාවිතයක් කෙරෙහි පවුල් සමාජ වැඩ පිළිබඳ සම්මේලනයට ඉදිරිපත් කරන ලද නිබන්ධනය-2010

පර්යේෂණ

  • ශ්‍රී ලංකාවේ අවදානමට පාත්‍ර වූ පවුල් - අවස්ථාබද්ධ අධ්‍යයනයකි - 2009
  • ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගම්මානවල සංවර්ධන ගැටලු සහ විභව්‍යතා - 2011
  • සහභාගිත්ව ග්‍රාමීය ඇගයුම -“ අනුරාධපුර ප්‍රබෝධගම ගම්මානය”- 2012
  • සහභාගිත්ව ග්‍රාමීය ඇගයුම -“ අනුරාධපුර අලපත්ගම ගම්මානය”- 2012
  • ශ්‍රී ලංකාවේ ළමුන්ගේ ආයතනික රැකවරණය පිළිබඳ අවස්ථාබද්ධ විශ්ලේෂණයකි- 2015
  • හම්බන්තොට ග්‍රාමීය සහ ධීවර ප්‍රදේශවල තොරාගත් ගම්මාන දෙකක සංසන්දනාත්මක පර්යේෂණ අධ්‍යයනය - 2016
  • මහජන ආධාර සැපයුම් අවශ්‍යතා හඳුනා ගැනීම සහ අභියෝග පිළිබඳ පර්යේෂණ අධ්‍යයනය - 2015/2016
  • පොදු ප්‍රවාහන සේවාවලදී හිංසනයට නිරාවරණය වීම, අවදානමට පාත්‍රවීම සහ ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව පිළිබඳ පර්යේෂණ අධ්‍යයනය- 2016
  • සමාජ සවිබල ගැන්වීම් සහ සුභ සාධන අමාත්‍යාංශය යටතේ පවත්වනු ලබන වෘත්තිය පුහුණු වැඩසටහන්වල සඵලතාව - 2016
  • ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යයන, පුහුණු සහ පර්යේෂණ වැඩසටහන් පිළිබඳ අවශ්‍යතා ඇගයීම් සමීක්ෂණය - 2016
  • ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍ය මගින් පවුල් ව්‍යුහයේ පරිණාමනය: ශ්‍රාවක පර්යාලෝකය පිළිබඳ විශ්ලේෂණයක් -2016
  • නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වූ පවුල් සඳහා සංවර්ධන සුභ සාධන උපායමාර්ග පිළිබඳ අධ්‍යයනය(CKDU) - 2016/2017

පුවත් සහ සිදුවීම්