අයදුම්පත්‍රය බාගත කිරීම  

හැඳින්වීම

උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු අංශය විසින් සති අන්ත අධ්‍යයන පාඨමාලාවක් වශයෙන් පිරිනමනු ලැබේ. මෙම පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුව (SLQF) අනුකූලවන පරිදි සකස්කර ඇත.

ඉලක්කය

දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු වෘත්තීය උපදේශකවරුන් බිහිකිරීම.

අරමුණු

  • උපදේශන ක්‍ෂේත්‍රය සඳහා ගුණාත්මක බවින් හෙබි වෘත්තිකයන් බිහිකිරීම
  • උපදේශන වෘත්තිකයන්ගේ උසස් වෘත්තීය කුසලතා පුළුල් කිරීම
  • උපදේශන වෘත්තිකයාගේ මැදිහත්වීමේ හැකියාව වර්ධනය කිරීම

මාධ්‍යය

සිංහල/දෙමළ/ඉංග්‍රීසි

කාල සීමාව

මාස 21කි. මේතුළ මාස 03ක උපදේශන පුහුණුව අන්තර්ගත වේ. (සති අන්ත පාඨමාලාවකි)
 

ඇතුලත්වීමේ සුදුසුකම්

  • අ.පො.ස. (උ/පෙළ) විභාගය සමත්වී තිබීම

පාඨමාලා ව්‍යුහය

උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පහත අංගයන්ගෙන් සමන්විත වේ.

  • විෂය ඒකක 09
  • එක් ක්‍ෂේත්‍ර පුහුණුවක්
  • අධ්‍යයන චාරිකාවක්

සම්පූර්ණ ක්‍රෙඩිට් - 30

දේශන - පැය 405

ක්‍ෂේත්‍ර පුහුණුව - පැය 150

විෂයය, විෂයය කේත සහ විෂයයන් සඳහා හිමිවන ලකුණු පහත පරිදිවේ.

විෂයය කේතය විෂයය ක්‍රෙඩිට් ප්‍රමාණය ගිවිසුම්ගත පැය ගණන ස්වයං අධ්‍යයන පැය ගණන සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන
DipC 111 මනෝවිද්‍යාව පිළිබඳ හැදින්වීම 3 45 105 150
DipC 112 උපදේශනය පිළිබඳ හැදින්වීම 3 45 105 150
DipC 113 මූලික පර්යේෂණ විධික්‍රම පිළිබඳ හැදින්වීම 3 45 105 150
DipC 114 උපදේශන කුසලතා පිළිබඳ හැදින්වීම 3 45 105 150
DipC 115 මනෝවිද්‍යාත්මක අක්‍රමතා 3 45 105 150
DipC 121 උපදේශනයේ වෘත්තීය ආචාර ධර්ම 3 45 105 150
DipC 122 උපදේශනාත්මක මැදිහත්වීම 3 45 105 150
DipC 123 ශ්‍රී ලාංකීය සංදර්භය තුළ උපදේශනය 3 45 105 150
DipC 124 විවිධ සේවාලාභී කණ්ඩායම් සමග උපදේශනය 3 45 105 150
DipC 125 ක්‍ෂේත්‍ර අධ්‍යයනය 3 150 - 150
  මුළු ක්‍රෙඩිට් සහ පැය ගණන 30 - - 1500

අයදුම් කිරීම

වැඩි විස්තර සඳහා පාඨමාලා සම්බන්ධීකාරකවරුන් අමතන්න.

සම්බන්ධීකරණය : කේ.එස්. වැදිසිංහ මහත්මිය, කාංචනා අධිකාරි මහත්මිය, ඒ.එච්. උබයදුල්ලා මහතා සහ ටී. තර්ෂන් මහතා

0113084309 හෝ 0112888628

 

පුවත් සහ සිදුවීම්