අයදුම්පත්‍රය බාගත කිරීම  

හැඳින්වීම

වෘද්ධ විද්‍යාව හා වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව නිර්මාණය කරන ලද්දේ වෘද්ධ විද්‍යාව හා වැඩිහිටි රැකවරණයට අදාල ක්‍ෂේත්‍ර තුළ තම වෘත්තීය සංවර්ධනය ඇති කර ගැනීමට අපේක්‍ෂිත පුද්ගලයින්, දැනටමත් මෙම ක්‍ෂේත්‍රය තුළ රැකියාවෙහි නියලෙන, තම වෘත්තීය මාවත පුළුල් කරගැනීමට අපේක්‍ෂිත පුද්ගලයින් පදනම් කරගෙනය. වයස්ගත වෙමින් පවතින සමාජය විසින් නිර්මාණය කරනු ලබන නව අවස්ථාවන්ට අනුරූපීයව අර්ථාන්විත වෘත්තීය වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පිරිනමනු ලැබේ. අන්තර් විෂයික පාඨමාලාවක් වශයෙන් මෙය සම්පූර්ණ කිරීමේදී, ශිෂ්‍යයින් විසින් දීර්ඝකාලීන හා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා ගැටලු විසදීම සහ කුසලතා ඇතිකිරීමට අවැසි අවශ්‍යතාවන්ගෙන් සන්නද්ධවීම අපේක්‍ෂිතය. වැඩිහිටි රැකවරණ සේවා ක්‍ෂේත්‍රය තුළ ශිෂ්‍යයින්, තනි පුද්ගල වෘත්තීය මාවත සංවර්ධනය කර ගැනීමට මෙය උපකාරී වේ.

වෘද්ධ විද්‍යාව හා වැඩිහිටිරැකවරණය පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහන ශ්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුකූල වන පරිදි (SLQF) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තත්ව පරීක්‍ෂණ ඒකකය (Quality Assurance Unit) පිළිබඳ අවධානය යොමු කරමින් අර්ධකාලීන වැඩසටහනක් වශයෙන්, ශ්‍රී ලංකාව මගින් පිරිනමනු ලබන ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සැකසීමේ අරමුණින් වර්ධනය කර ඇත.

ඉලක්කය

දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු වෘද්ධ විද්‍යාව/සමාජ රැකවරණය පිළිබඳ අදාළ වෘත්තිකයන් බිහිකිරීම.

අරමුණු

  • රැකබලා ගන්නන්ගේ ක්‍ෂේත්‍රයතුල ගුණාත්මක බවින් පිරි වෘත්තිකයන් බිහිකිරීම
  • වැඩිහිටියන් පිළිබඳ ක්‍ෂේත්‍රයේ නියැලෙන වෘත්තිකයන්ගේ වෘත්තීය කුසලතා පුළුල් කිරීම
  • වෘත්තිකයන්ගේ මැදිහත්වීමේ හැකියාව වර්ධනය කිරීම

මාධ්‍යය - සිංහල/දෙමළ

කාල සීමාව - මාස 21, තෛමාසික සති අන්ත පුහුණුව මෙයට ඇතුළත් වේ.

ඇතුලත්වීමේ සුදුසුකම්

  • අ.පො.ස. (උ/පෙළ) විභාගය සමත්වී තිබීම

පාඨමාලා ව්‍යුහය

පහත මූලිකාංගයන්ගෙන් වෘද්ධ විද්‍යාව සහ වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සමන්විත වේ.

  • විෂය ඒකක 10
  • ක්‍ෂේත්‍ර පුහුණු වැඩසටහන් 01

සම්පූර්ණ ක්‍රෙඩිට් - 30

දේශන - පැය 405

ක්‍ෂේත්‍ර පුහුණුව - පැය 150

විෂයය, විෂයය කේත සහ විෂයයන් සඳහා හිමිවන ලකුණු පහත පරිදිවේ.

විෂයය කේතය විෂයය සම්මාන ඒකක   ප්‍රමාණය ගිවිසුම්ගත පැය ගණන ස්වයං අධ්‍යයන පැය ගණන සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන
DG 101 වෘද්ධ විද්‍යාව පිළිබඳ හැඳින්වීම 2 30 70 100
DG 102 සමාජ වෘද්ධ විද්‍යාව 3 45 105 150
DG 103 වයස්ගත වීමේ සමාජය සහ සංස්කෘතිය 2 30 70 100
DG 104 මූලික පර්යේෂණ විධික්‍රම 3 45 105 150
DG 105 වයස්ගතවීම සහ සමාජ වැඩ 3 45 105 150
DG 106 සෞඛ්‍යය සහ වයස්ගතවීම 4 60 140 200
DG 107 ආයුර්වේද සෞඛ්‍යය සහ වැඩිහිටි රැකවරණය 2 30 70 100
DG 108 මානසික සෞඛ්‍යය සහ උපදේශනය 4 60 140 200
DG 109 සමාජ ප්‍රතිපත්ති සුභසාධන වැඩ සටහන් සහ වියපත්වීම 2 30 70 100
DG 110 සිද්ධි කළමනාකරණය සහ වැඩිහිටි  රැකවරණය 2 30 70 100
DG 111 ක්‍ෂේත්‍ර පුහුණුව 3 150 - 150
  මුළු ලකුණු සහ පැය ගණන 30 540 -
1500

අයදුම් කිරීම

වැඩි විස්තර සඳහා පාඨමාලා සම්බන්ධීකාරකවරුන් අමතන්න :

සම්බන්ධීකරණය : ඉරෝන් ජයසේකර මහතා, පී.සී. හෙට්ටිආරච්චි මහතා සහ ඒ.එච්. උබයදුල්ලා මහතා

 +94 113 084 309/ +94 112 888 628

පුවත් සහ සිදුවීම්