අයදුම්පත්‍රය බාගත කිරීම සඳහා 

හැඳින්වීම

මෙම පාඨමාලාව ආරම්භ කිරීමේ මූලික අරමුණ වන්නේ රටේ සංවර්ධනය සඳහා කාන්තා නායකත්වය උපයෝගී කරගැනීම සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා ලබාදීමයි. ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සදහා කාන්තා නියෝජනය සීමාසහිත බව මෑත කාලීන අධ්‍යයනවලින් පෙනී යයි. මෙම ප්‍රතිශතය ආසියාවේ ඕනෑම රටක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන විට අවම මට්ටමකි. මෙම තත්ත්වය මඟහරවාගනිමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී කාන්තා නායකත්වය දායක කරගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික දැනුම හා ප්‍රායෝගික කුසලතා ලබාදීම සඳහා මෙම පාඨමාලාව සැලසුම් කර ඇත. එමෙන්ම දේශපාලනයේ මෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශවල කාන්තාවන් යහපාලනයට සහභාගී වීමට අවස්ථාව සැලසේ.

ඒ අනුව පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කර ඇත්තේ පාඨමාලාවට සහභාගීවන්නන්ට නායකත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුවීම් මඟින් අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා ලබාදීමසඳහාය. ග්‍රාමීය මට්ටමේ සිටින කාන්තාවන් ගේ ද නායකත්වය ප්‍රවර්ධනය කරමින් ඔවුන්ගේ අත්දැකීම් හා දැනීම එම අංශවල කටයුතු සඳහා අනුගත කිරීම අපේක්ෂා කෙරේ.

මාධ්‍යය

සිංහල / දෙමළ

කාලය

මාස 12 යි. සති අන්තයේ

පාඨමාලා ගාස්තුව

රුපියල් 50,000/- (වාරික දෙකකින් ගෙවිය හැකිය.) + ලියාපදිචි ගාස්තු රුපියල් 1,000/-

 

ඇතුලත්වීමේ සුදුසුකම්

  • අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත්ව තිබීම.

 

පාඨමාලා ව්‍යුහය

පාඨමාලාව සමාසික දෙකකින් යුක්තය. පාඨමාලාව පංති කාමර දේශන, ප්‍රායෝගික අභ්‍යාස, සාකච්ජා සහ ප්‍රායෝගික පුහුණුවීම්වලින් යුක්ත වේ.
පළමු මාස 06ක කාලයේ දී විෂයන් 04ක් සහ දෙවන සෙමෙස්තරයේ විෂයන් 04ක් ඉගැන්වෙන අතර මෙම සමාසික දෙක සඳහාම ක්ෂේත්‍ර පුහුණු වීම් දෙකක් ඇතුළත්ය. පාඨමාලාවේ පංති කාමර දේශන සදහා පැය 288ක් සහ ක්ෂේත්‍ර පුහුණුවීම් සඳහා පැය 200ක කාලයක් වෙන් කර ඇත.

 (පළමු හා දෙවන සෙමෙස්තරයේ සියලු විෂයයන් අනිවාර්ය වේ.)

විෂය අංකය විෂය
පළමු සෙමෙස්තරය
 
DWE 101 ශ්‍රී ලංකා සමාජයේ කාන්තාව
DWE 102 කාන්තාව සහ නීතිය
DWE 103 ශ්‍රී ලාංකික දේශපාලනය හා කාන්තාව
DWE 104 කාන්තාව හා පෞරුෂ සංවර්ධනය
DWE 109 ක්ෂේත්‍ර පුහුණුව I
දෙවන සෙමෙස්තරය
 
DWE 105 බල කණ්ඩායම් සමග වැඩ කිරීම
DWE 106 කුසලතා සංවර්ධනය
DWE 107 කාන්තාව සහ නායකත්වය
DWE 108 කාන්තාව සවිබලකරණය
DWE 110 ක්ෂේත්‍ර පුහුණුව II

අයදුම්කිරීම

වැඩි විස්තර සඳහා පාඨමාලා සමායෝජක විමසන්න:

එල්.සී.අයි. ජයසේන මිය

+94 714 177 654

පුවත් සහ සිදුවීම්