අයදුම්පත්‍රය බාගත කිරීම  

හැඳින්වීම

සමාජ රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ අවධානය යොමුවන්නේ සමාජ රැකවරණය පිළිබඳ ක්‍ෂේත්‍රය පවර්ධනය කිරීම සඳහා ඊට අදාළ වෘත්තිකයන්ගේ සහ අතුරු වෘත්තිකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීම පිළිබඳවයි.
සමාජ රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා අර්ධකාලීන වැඩසටහනක් වශයෙන් සංවර්ධනය කරන ලද අතර, ශ්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුකූල වන පරිදි (SLQF) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තත්ව පරීක්‍ෂණ ඒකකය (Quality Assurance Unit) මගින් ශ්‍රී ලංකාවේ සුදුසුකම් රාමුවක් ලෙස සංවර්ධනය කර ඇත. මෙම පාඨමාලාව සංවර්ධනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව තුල ජාතික මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සුදුසුකමක් බවට පත් කිරීමේ අරමුණිනි.

ඉලක්කය

දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු සමාජ රැකවරණය පිළිබඳ වෘත්තිකයන් බිහිකිරීම.

අරමුණු

  • සමාජ රැකවරණය පිළිබඳ ගුණාත්මක බවින් හෙබි වෘත්තිකයන්/අතුරු වෘත්තිකයන් බිහිකිරීම.
  • සමාජ රැකබලා ගැනීමේ සේවා සපයන්නන්ගේ වෘත්තීය කුසලතා පුළුල්කිරීම.
  • තිරසාර සංවර්ධනය සඳහා තනිපුද්ගල, පවුල්, කණ්ඩායම් සහ ප්‍රජාවන් හා සම්බන්ධ ගැටලු හා බැදුනු සමාජ සුභසාධනය හා සමාජ සංවර්ධනය පදනම්කරගත් ගැටළු සඳහා මැදිහත්වීමක් කිරීමට පහසුකම් සැපයීම සඳහා සමාජ රැකවරණ සේවා සපයන්නන්ගේ හැකියාව සංවර්ධනය කිරීම.

මාධ්‍යය

සිංහල/දෙමළ

කාලසීමාව 

මාස 21කි, මේ සඳහා ත්‍රෛමාසික පුහුණුව අන්තර්ගතවේ. (සති අන්ත 02)

ඇතුලත්වීමේ සුදුසුකම්

  • මූලික ඇතුලත්වීමේ අවශ්‍යතා වශයෙන් අ.පො.ස. (උ/පෙළ) සම්පූර්ණ කර තිබිය යුතුය.

පාඨමාලා ව්‍යුහය

සම්පූර්ණ සම්මාන ඒකක (credit) 30කි

දේශන - පැය 405

ක්‍ෂේත්‍ර පුහුණුව - පැය 150

පහත මූලිකාංගයන්ගෙන් පාඨමාලාව සමන්විත වේ.

  • විෂය ඒකක 10
  • ක්‍ෂේත්‍ර පුහුණු වැඩසටහන් 01
විෂයය කේතය විෂයය සම්මාන ඒකක  ප්‍රමාණය ගිවිසුම්ගත පැය ගණන ස්වයං අධ්‍යයන පැය ගණන සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන
DSC 101 සමාජ රැකවරණය පිළිබඳ හැඳින්වීම 2 30 70 100
DSC 102 ප්‍රජාව සංස්කෘතිය සහ පවුල 1 15 35 50
DSC 103 සෞඛයය යහ පැවැත්ම ආයුර්වේදයේ සෞඛ්‍යය රැකවරණය (පැය 21) මානසික සෞඛ්‍යය (පැය 24) 3 45 105 150
DSC 104 රැකවරණයට ලක්වන්නන්ගේ සෞඛ්‍යය සහ ආරක්‍ෂාව 3 45 105 150
DSC 105 සමාජ සුබසාධන ප්‍රතිපත්තීන් සහ නීතිමය රාමුව 3 45 105 150
DSC 106 සිද්ධි කළමනාකරණය සහ නීතිමය රාමුව 3 45 105 150
DSC 107 ජීවන කුසලතා 4 60 140 200
DSC 108 මනෝවිද්‍යාත්මක උපදේශනය 3 45 105 150
DSC 109 සමාජ වැඩ මැදිහත්වීම 2 30 105 150
DSC 110 සමාජ රැකවරණය පිළිබඳ වෘත්තීය ආචාරධර්ම 3 45 105 150
DSC 111 ක්‍ෂේත්‍ර පුහුණුව 3 150 - 150
  මුළු ලකුණු සහ පැය ගණන 30 555   1500

අයදුම් කිරීම

වැඩි විස්තර සඳහා පාඨමාලා සම්බන්ධීකාරකවරුන් අමතන්න :

සම්බන්ධීකරණය : දීප්ති නිරෝෂිකා මිය, බී.කේ.එස්. කරුණාරත්න මහතා සහ ඒ.එච්. උබයදුල්ලා මහතා

 +94 113 084 309/ +94 112 888 628

පුවත් සහ සිදුවීම්