අයදුම්පත්‍රය බාගත කිරීම  

හැඳින්වීම

සමාජ වැඩ පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව අවධාරණය කරනු ලබන්නේ සමබර ආර්ථිකයක්, සමාජ සංවර්ධනය සහ ඵලදායී සමාජ සුභසාධන සේවාවන් ලබාදීම සඳහා තනිපුද්ගල, කණ්ඩායම් සහ ප්‍රජාවන් බලගැන්වීම සඳහා වෘත්තිකයන්ගේ සහ අතුරු වෘත්තිකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීමය. මෙම පාඨමාලාව ශ්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුකූල වන පරිදි (SLQF) සකසා ඇත.

මෙය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මාස 6ක සහතිකපත්‍ර ලාභියාට SLQF දෙවන මට්ටම (උසස්) අදාල සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුලත්විය හැක.

ඉලක්කය

දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු සමාජ වැඩ පිළිබඳ වෘත්තිකයන් සහ අතුරු වෘත්තිකයන් බිහිකිරීම.

අරමුණු

 සමාජ වැඩ පිළිබඳ ගුණාත්මක බවින් හෙබි වෘත්තිකයන්/අතුරු වෘත්තිකයින් පිරිසක් බිහි කිරීම.

  • බලගැන්වීමේ ප්‍රවේශය භාවිතා කරමින් සමාජ සුභසාධන සේවා සපයන්නන්ගේ වෘත්තීය කුසලතා පුළුල් කිරීම.
  • තිරසාර සංවර්ධනය සඳහා තනිපුද්ගල, පවුල් කණ්ඩායම් සහ ප්‍රජාවන් හා සම්බන්ධ සමාජ සුබසාධන හා සමාජ සංවර්ධන ගැටළු සඳහා මැදිහත්වීමක් කිරීමට පහසුකම් සැලසීම සඳහා නිලධාරීන් හා සේවා සපයන්නන්ගේ වෘත්තීය හැකියාව වර්ධනය කිරීම

මාධ්‍යය

සිංහල/දෙමළ/ඉංග්‍රීසි

කාලසීමාව

මාස 06 (සම්මාන ඒකක 15) සතියේ දිනවල හෝ සති අන්තයේ

මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් වන්නේ වෘත්තිකයින් සහ අතුරු වෘත්තිකයන්ය. එනම්,
1. අ.පො.ස.(සා/පෙළ) සහිත ඉල්ලුම්කරුවන්
2. අ.පො.ස.(සා/පෙළ) සුදුසුකම් රහිත වූවත් ප්‍රජා වැඩ/ස්වේච්ඡා වැඩ පිළිබඳ අවුරුදු 03ක අත්දැකීම් සහිත අයදුම්කරුවන්
3. සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ප්‍රජා නායකයින් අත්දැකීම් සහිත සමාජ සුබසාධන නිලධාරීන්, ප්‍රජාව දැනුවත් කරන්නන්, රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලික සංවිධාන වල සේවයේ නියුතු සමාජ සුබසාධන නිලධාරීන්
4. රාජ්‍ය අංශයේ සමාජ සුබසාධන සේවා ක්‍ෂේත්‍රයෙහි නියුතු උපාධිධාරීන් (සේවා කුසලතා පුහුණුවෙහි නියුතු), පූර්ව ළමාවිය නිලධාරීන්, පෙර පාසල් ගුරුවරු, ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහ අනෙකුත් ප්‍රජා මට්ටමේ සමාජ සුබසාධන නිලධාරීන්
5. සහභාගිවන්නන් තෝරාගනු ලබන්නේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අභිමතය පරිදිය.

ඇතුලත්වීමේ සුදුසුකම්

  • අ.පො.ස.(සා/පෙළ) සමත්වීම.

පාඨමාලා ව්‍යුහය

පහත මූලිකාංගයන්ගෙන් පාඨමාලාව සමන්විත වේ.

  • විෂය ඒකක 04
  • ක්‍ෂේත්‍ර පුහුණු වැඩසටහන් 01
විෂයය කේතය විෂයය සම්මාන ඒකක ප්‍රමාණය ගිවිසුම්ගත පැය ගණන ස්වයං අධ්‍යයන පැය ගණන සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන
CCSW 101 සමාජ වැඩ හැඳින්වීම 3 45 105 150
CCSW 102 මානව චර්යාව සහ සමාජ පරිසරය 3 45 105 150
CCSW 103 සමාජ වැඩ මැදිහත්වීමේ ක්‍රමවේද 3 45 105 150
CCSW 104 සමාජ වැඩ පුහුණුවෙහි කුසලතා සංවර්ධනය (පුහුණු විද්‍යාගාරය) 3 45 105 150
CCSW 105 ක්‍ෂේත්‍ර පුහුණුව 3 45 105 150
  මුළු ලකුණු සහ පැය ගණන 15 180   750

අයදුම් කිරීම

වැඩි විස්තර සඳහා පාඨමාලා සම්බන්ධීකාරකවරුන් අමතන්න :

සම්බන්ධීකරණය : කේ.එස්. වැදිසිංහ මිය, කාංචනා අධිකාරී මිය, ඒ.එච්. උබයදුල්ලා මහතා සහ ටී. තර්සන් මහතා

 +94 113 084 309/ +94 112 888 628

පුවත් සහ සිදුවීම්