අයදුම්පත්‍රය බාගත කිරීම  

හැඳින්වීම

ළමා පාදක ප්‍රජා සංවර්ධනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාව පදනම් කරගත් ළමා ආරක්‍ෂණ පද්ධතිය සහ ළමා සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඊට අදාල වෘත්තීකයන්ගේ සහ අතුරු වෘත්තිකයන්ගේ කුසලතා සංවර්ධනය පිළිබඳවය. මෙම පාඨමාලාව නිර්මාණය කරන ලද්දේ ශ්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට (SLQF)අනුකූල වන පරිදිය.

ඉලක්කය

ප්‍රජා මට්ටමේදී මනා පරිචයකින් යුතු ළමා රැකවරණය හා ළමා සුභ සාධනය සම්බන්ධයෙන් අදාල දැනුම කුසලතා සහ ආකල්පයන්ගෙන් හෙබි වෘත්තිකයින් සහ අතුරු වෘත්තිකයින් බිහි කිරීම.

අරමුණු

  • ප්‍රජාව පදනම් කරගත් ළමා ආරක්‍ෂණය තුළ ගුණාත්මකභාවයෙන් හෙබි වෘත්තිකයින් බිහි කිරීම.
  • ළමයා ඉලක්කකරගත් ප්‍රජා සංවර්ධන මොඩලය භාවිතා කරමින් ළමා සුබසාධනය, ළමා රැකබලා ගැනීම සහ ළමා ආරක්‍ෂණ සේවා සපයන්නන්ගේ වෘත්තීය කුසලතා පුළුල් කිරීම.
  • තිරසාර ප්‍රජා සංවර්ධනය සඳහා තනිපුද්ගල, පවුල්, කණ්ඩායම් සහ ප්‍රජාවන් හා සම්බන්ධ ළමා ආරක්‍ෂණය පිළිබඳ ගැටලු සඳහා මැදිහත්වීමක් කිරීමට පහසුකම් සැලසීම සහ නිලධාරීන් සහ සේවා සපයන්නන්ගේ හැකියාව වර්ධනය කිරීම.

මාධ්‍යය

සිංහල/දෙමළ/ඉංග්‍රීසි

කාල සීමාව

මාස 06 (සම්මාන ඒකක 15) සතියේ දිනවල හෝ සති අන්තයේ

ඇතුලත්වීමේ සුදුසුකම්

අ.පො.ස.(සා/පෙළ) සමත්වීම.

මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් වන්නේ වෘත්තිකයින් සහ අතුරු වෘත්තිකයින්ය. එසේම ප්‍රජා නායකයින් සහ ක්‍ෂේත්‍ර මට්ටමේ නිලධාරීන්ය.

පාඨමාලා ව්‍යුහය

පහත මූලිකාංගයන්ගෙන් පාඨමාලාව සමන්විත වේ.


•    විෂය ඒකක 04
•    ක්‍ෂේත්‍ර පුහුණු වැඩසටහන් 01

 

විෂයය කේතය විෂයය සම්මාන ඒකක ප්‍රමාණය ගිවිසුම්ගත පැය ගණන ස්වයං අධ්‍යයන පැය ගණන සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන
CCFCD 100 ළමයා කේන්ද්‍රකරගත් ප්‍රජා සංවර්ධනය පිළිබඳ හැඳින්වීම 03 45 105 150
CCFCD 101 ළමා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා ළමා සංවර්ධනය අවබෝධ කර ගැනීම 03 45 105 150
CCFCD 103 සමාජ වැඩ පිළිබඳ මැදිහත්වීමේ ක්‍රමවේදය 03 45 105 150
CCFCD 104 වෘත්තීය පුහුණුව සහ පර්යේෂණ කුසලතා සංවර්ධනය 03 45 105 150
CCFCD 105 ක්‍ෂේත්‍ර පුහුණුව 03 45 105 150
  මුළු ලකුණු සහ පැය ගණන 15 180   750

අයදුම් කිරීම

වැඩි විස්තර සඳහා පාඨමාලා සම්බන්ධීකාරකවරුන් අමතන්න.

සම්බන්ධීකරණය : කේ.එස්. වැදිසිංහ මිය, බී.කේ.එස්. කරුණාරත්න මහතා, ඒ.එච්. උබයදුල්ලා මහතා සහ ටී. තර්සන් මහතා

 +94 113 084 309/ +94 112 888 628

පුවත් සහ සිදුවීම්