libraryජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුස්තකාලයේ ප්‍රකාශන 25,000 කට වැඩි සංඛ්‍යාවක් ඇති අතර සමාජ වැඩ සහ ඒ ආශ්‍රිත විෂයයන් පිළිබඳ මෑත කාලීන ප්‍රකාශන සහිත ශ්‍රී ලංකාවේ විශාලතම පුස්තකාලය එය වේ.

පීඨ මණ්ඩලය සහ සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමාව/උසස් ඩිප්ලෝමාව සහ උපදේශන වැඩසටහන් සහ සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා ලියාපදිංචි වී ඇති සිසුනට පුස්තකාලයේ සාමාජිකත්වය හිමි වේ. එහි පොත් බැහැර ‍දීමේ සහ විමර්ශන යන දෙයාකාරයේම පහසුකම් ඇත.

පුස්තකාලය 5 වන මහලේ පිහිටා ඇති අතර එය සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා ද සති අන්තයේ පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ද විවෘතව පවතී. පළමු අධ්‍යයන වසර ආරම්භයේදී, අදාළ පුස්තකාල ගාස්තු සහ ලියාපදිංචි වීමේදී ආපසු ගෙවන ලබන තැන්පතුවක් ගෙවීමෙන් පසුව සිසුන් සඳහා පුස්තකාල සාමාජික කාඩ්පත් නිකුත් කරනු ලැබේ. ඡායා පිටපත් පහසුකම් ද පුස්තකාලයේ පවතී. සාමාජිකයන්ට අදාළ ගාස්තුව ගෙවීමෙන් පසුව අන්තර්ජාල පහසුකම් ද ලබා ගත හැක.

පුවත් සහ සිදුවීම්