උපාධි අපේක්ෂකයින්ගේ සහ කාර්ය මණ්ඩලයෙහි තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පරිගණක විද්‍යාගාරයක් ජාතික සමාජ සංවර්ධන ආයතනයෙහි 3 වන මහලෙහි ස්ථාපිත කර ඇත.  එම පරිගණක විද්‍යාගාරය ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ප්‍රජාව සඳහා ගුණාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය සියලු භෞතික සම්පත් වලින් සමන්විතය. විද්‍යාගාරයේ ඇති සියලු පරිගණක ජාලගත කර, අන්තර්ජාල පහසුකම් සපයා ඇති අතර වායු සමනය කොට නවීනතම උපකරණ ස්ථාපනය කොට ඇත. උපාධි අපේක්ෂකයන්, උසස් ඩිප්ලෝමාව සහ වෙනත් ඩිප්ලෝමා වැඩසටහන් සඳහා ලියා පදිංචි වී ඇති සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉගැන්වීම් කටයුතු එහි සිදු‍වන අතර එක් එක් පාඨමාලාව නිමා කිරීමෙන් පසුව එම විෂය සඳහා වන විභාගයන් ද එම විද්‍යාගාරයේදී පවත්වනු ලැබේ.

පුවත් සහ සිදුවීම්