උපාධි අපේක්ෂකයන් සඳහා ලබාදෙන සුභසාධන සේවා ශක්තිමත් කිරීම පිණිස ඔවුන් සඳහා නේවාසිකාගාරයක් ස්ථාපිත කිරීම මගින් ජාතික සමාජ සංවර්ධන ආයතනය සිය සේවා ව්‍යාප්ත කර ඇත. වසර මුළුල්ලෙහි ශිෂ්‍යාවන් 24 දෙනෙකු සඳහා එහි නේවාසික පහසුකම් සැපයේ. එය ආයතනයේ සිට කිලෝ මීටර් 15 ක් දුරින් කැලණිය, පොල්හේන ප්‍රදේශයේ පිහිටුවා ඇත.

මේ සඳහා ශිෂ්‍යාවන් තෝරා ගැනීමේදී පළමු සහ අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවන්ට ප්‍රමුඛස්ථානය හිමි වන අතර නේවාසිකාගාරය මැනවින් කළමනාකරණය කිරීම පිණිස ස්ථිර සේවිකාවක එහි පාලිකාව ලෙස පත්කොට තිබේ. ඊට අමතරව, නේවාසිකාගාරයේ කටයුතු අධීක්ෂණය සඳහා අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යයන), පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ, සමාජ සේවා විද්‍යාලයේ අධ්‍යක්ෂ, වැඩසටහන් නිලධාරී, සම්බන්ධීකාරක සහ සහකාර සම්බන්ධීකාරක යන අයගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

තම අධ්‍යයන කටයුතු සඵලව සිදු කිරීම පිණිස සිසුන් සඳහා අධ්‍යාපන කටයුතුවලට හිතකරවන්නා වූ පරිසරයක් නිර්මාණය කර තිබේ.

පුවත් සහ සිදුවීම්