
පුහුණු, පර්යේෂණ හා ක්‍ෂේත්‍ර ප්‍රාදේශීය මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය
අම්පාර, පන්ඩුකාභය මාවතේ අංක A01/B හි ස්ථාපිත නව පුහුණු, පර්යේෂණ හා ක්ෂේත්‍ර ඉගෙනුම් ප්‍රාදේශීය මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය අති උත්කර්ෂයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්ත විජේරත්න මහතා හා දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා සහභාගි වූහ.
එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විවෘත කිරීම සමඟින් ජාතික සමාජ සංවර්ධන ආයතනය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා විසින් “සමාජ සංවර්ධනය සඳහා මනෝ උපදේශනයේ භාවිතය” යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් සහ විවෘත සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම වැඩසටහනට මනෝ උපදේශකවරු, සමාජ වැඩ වෘත්තිකයින්, පාසල් උපදේශන ගුරුවරුන් සහ පොලිස් ළමා හ කාන්තා කාර්යංශ නිළධාරින් පිරිසක් සහභාගී විය.
මෙම නව මධ්‍යස්ථානය හරහා ඉදිරියේදී සීදුව පිහිටි ප්‍රධාන ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම පාඨමාලා ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි.




























